Thursday, June 3, 2010

මිනිසෙකු පතන සුන්දරම දිනයක නිමාවෙන මොහොත උදා වී ඇති බව පසක් වූවේ සියලු දෙනාම මග මගට පැමිණ රථය දෙස දෙනෙත් යොමනු දුටු විටය ආසිරි සුභ පැතුම් මිටි දෝතින්ම තුරුලු කරගෙන මම අසල සිටි සුන්දරම යුවතිය දෙස දෙනෙත් යොමා බැලීමි ඇයගේ උතුරා යන සතුට දෙනෙතින් වෑහෙන අයුරු මගේ සිත තුල අහිංසක ආදරයක පැතූ ප්‍රාර්ථනාවන් නැවත සිහිගන්වන්නක් විය ඇයගේ සුන්දරත්වය මින් පෙර නොදුටූ විරූ තරමිය ඇය අදින් පසු මගේ බිරිදයි නැවතත් ඇය දෙස බැලීමි මගෙ උර මතටවන් ඈ

"අදින් ඉදන් මම ඔයාගෙ මාව බලා ගන්නවද රත්තරනෙ"

සුසුම් වැටීම මොහොතකට නතර විය ලොකයම නතර වූවාක් මෙන් විය කෙළිලොල්ව ගත කල ජීවිතයකට මහමෙරක් මෙන් බරක් සිතා ගත නොහැකිය නිහඩ බව රකිමින් ඇගේ නලලත සුමුදුව සිප ගතිමි ඇගේ දෙතොලින් නැගුනු සුන්දර සිනහව මසිත කුල්මත්කරන්නට සමත් විය

නගර පසු කරමින් රථය ඉදිරියට ඇදෙන්නට විය පෙරදින රාත්‍රියේ සිටම වෙහෙස වූ නිසාවෙන්දෝ මා උර මත නිදන ඇය උකුල මතට ගතිමි සිනිදුව හිස පිරිමදිමින් සුව නින්දකට මග පෑදු මම අතීතය මෙනෙහි කරන්නට විය

මිතුරෙකුගේ හැදුනුම් කමක් මත මීට වසර කීපයකට පෙර ඇයව අදුන ගත් අතර අප දෙදෙනාටම හොරෙන් අප අතර දලු ලා වැඩුන ආදරයක් අද මෙලෙස මල්ඵල දරා ඇත සතුටත් අනාගතය ගැන සිතේ ඇතිතුල ඇති වූ සිහින් චකිතයත් මුසුවූ අමුතු හැගීමකින් මා සිත පිරී යන්නට විය දිනක් ඇගේ ඉල්ලීමක් මත විවාහයට පෙර අප ශාරීරිකව කිසි ලෙසකින්වත් එක් නොවන බවට දුන් පොරොන්දුව අදින් අවසන් බව හැගීමෙන් ලැජ්ජාවකින් හා සතුටක් මුසුවූ සුන්දරම හැගීමකින් සිත කිළිපොලා යන්නට විය

ඇගේ නළලත නැවතත් සුමුදුව සිත ගත් මම කදුකරයෙන් හමා එන සිහින් සුලගක සුව විදිනු පිණිස රථයේ වීදුරුව පහත හෙලීමි සුලගට දග කරන කෙහෙලැල් ඇගේ දෙතොලින් නැගෙන මුදු සිනහවත් නිරාවරණය වූ ඉන පෙදෙසත් දුටු විට අනුරාගී හැගුමන් සිත තුල දොරේ ගලා යන්නට විය

සුභ සිහිනය උදාවන මොහොත ලං විය රථය හෝටලය තුලට ලගාවන විට පිමිණි සේවකයකු විසින් අප පිළිගත් අතර රෝස පෙති ඇතිරූ මංගල සයනකින් යුතු අලංකාර කාමරයකට කැදවන් යන ලදී ඇයත් මාත් පමණය ජීවිතනේ ගැහැණියක සමග තනිවු පලමු අවස්ථාව විය කියාගත නොහැකි හැගීමක් සිතතුල හොල්මන් කරන විට ඇය කවුලුව තුලින් ඈත කදු පෙල දෙස නෙත් යොමන්නට විය

ඉනවටට අත ​යොමා තුරුලු කරගත් ඇයගේ සුසිනිදු දෙකපුල් සිප ගත් මම සවන්පත් වල පැලදි තෝඩු ගැලවීමට ඇයට සහය උනෙමි

නැවතත් ඇගේ බෙල්ල සිප ගැනීමට ගිය විට

මොකෝ හදිස්සි නරකයි ඔයා නන් යන්න වොෂ් එකක් දාගෙන එන්න තුවායත් මා අත තැබූ ඇයගේ හුරතල් වදන් පෙල ඇය කෙරෙහි වූ ආදරය තවත් වැඩි කරන්නක් විය
මා පැමිණි පසු හුරතල් ලෙසට මා තුරුලට විත් මුව සිඹ නැවත නාන කාමරයට දුව ගොස් සැගඋනි ඈගේ මෙවැනි කෙලිලොල් හැසිරීම් මින් පෙරද අත්විද ඇති මුත් අද සිතතුලටවන් හැගීම විස්තර කළනොහැක්කකි

කාමරය පුරා පැතිරුනු රත් පැහැති ආලෝකය කාමරය තුල තම බලය පතුරවද්දී මා නෙත් අයා සිටි මොහොත උදාවන්නට විය නාන කාමරය තුලින් එලියට වන් ඇගේ දසුන මට කිසිලෙසික්වත් අමතක කළ නොහැක්කක් විය උස් වූ ලැම පෙදෙසින් පටන්ගෙන දෙදෙන තෙක් පමණක් දික් වූ තුවායකින් සැරසි තෙත දිය බිංදු වෑහෙන කෙස් කලඹ නිලෟවන් දීප්තියක් විහිදුවන ඇයගේ දෙනුවන මගේ අනුරාගී හැගීම් මත තවත් ගිනි අවුලන්නට විය

ආදරයත් අනුරාගයත් මුසුවූ හැගීමකින් ඇයව තුරුලටගත් මම මොහොතක් ඇය දෙසම බලා ඉන්නට විය තෙත දිය බිංදු නලලතින් පටන් ගෙන දෙනයන උඩින් පැන දෙකපුල් මතින් රූටායන අපූරුව මොහොතක් වින්දෙමි සයනේ සැතපවූ ඇයගේ සුසිනිදු මුව කමල ආදරයෙන් සිපගන්නට විය

වසර ගනනාවක් පෙරුම් පිරූ මොහොතක් උදා වින රත්පැහැති මන්ද ආලෝකය මසිත අනුරාගී හැගීම් තවත් වැඩිකරන්නක් විය ​නලලත නැවතත් සිපගත් මම දෙතොලේ මත නළියන දිය බිංදුවක රසද තොලගා බැලීමි
මගේ තුරුලටවන් ඈගේ හැසිරීමෙන් ගත කිලිපොලා යන්නට විය මා සිත පිරුණු තුටු හැගීමි කෙලස නම් පවසන්නද එවන් සුන්දරම සිතුවිල්ල නිමේසයකින් අහිමි විය

සුමුදුව මගේ නලලත සිපගත් ඇය රහසින් යමක් කොදුරන්නට විය

මට ඔලුව රිදෙනව පැටියො අපි දැන් නිදා ගම්මුද

පැතූ ලෝකය එක කුලුගෙඩි පහරකින් බිදීයන්නට විය ලොකයම මට එරෙහි වූ ලෙසින් දැනුනි වසර ගනනක් සිත තුර තෙරපාගත් හැගීම් නිදහස් කිරීමට කොපමණ සිහින දුටුවේද එහෙත් ඒ සියල්ල අවසන්ය දැනුන ශෝකය සිතතුලම හිරකරගෙන

හ්ම්ම්ම් ඔයා නිදාගන්න මගෙ මැණික සිතට එකගව නොවූවත් ඇයගේ සතුට වෙනුවෙන් පැවසීමි නලලත සහ දෙනුවන සුමුදුව සිපගත් මා ඇයගේ හිස පිරිමදිමින් මොහොතක් ගත කළෙමි

සිහින පොදි සමග ගත කිරීමට පැමැණි මංගල රැය මෙලෙස තනිවම විදින්නට සිදුවූ හැටි ඇයව සයනේ නිදන්නට ඉඩ හැර ශිතකරනයතුල වූ බීර බෝතලයක් කඩාගත් මම සීතල කදු මුදුන් වල සුන්දරත්ය විදිමින් මංගල රැය එළි කරන්නට හාන්සි පුටුම මත හිද ගතිමි